― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකවුරු ජනපති වුණත් මං ඇමති කෙනෙක් - චාමර සම්පත්

කවුරු ජනපති වුණත් මං ඇමති කෙනෙක් – චාමර සම්පත්

කවුරු බලයට ආවද ඉදිරි පාර්ලිමේන්තුවලදී නිමල් සිරිපාල සහ තමා ඇමතිවරු බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) බදුල්ලේ පැවති පාක්ෂික හමුවකදීය.

හැමදාම අපේ ලේකම් දයාසිරි කරේ මොකක්ද වොයිස්කට් දිදී අහවලා පත්කරනවා. අහවලා පත්කරනවා කියලා අන්තිමට මොකද වුනේ ජනාධිපති තෝරපු වෙලාවේ මොකක්ද කරේ? එයාල ගිහින් සජිත්ගේ පිලේ හිටගත්තා. අපි රනිල්ගෙ පිලේ හිටගත්තා. දැන් මෙහෙත් ඉන්නවා මට වැඩිය ජ්‍යෙෂ්ඨ නායකයෙක් නිමල් ඇතිතුමාට පස්සේ හිටපු නායකයෙක් පසුගිය කාලයේ පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රකාශක වෙලත් හිටියා. ඊටපස්සේ පොහොට්ටුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ලේකම් වෙලත් හිටියා. ඊට පස්සේ මොකක්ද කලේ හැමදාම වොයිස්කට් දෙනවා ඇමතිකමක් බලාපොරොත්තුවෙන්. හැබැයි හම්බවුනේ නැහැ. අන්තිමේට කිව්වා රිලා ඇමතිකම දෙන්න කියලා. රිලා ඇමතිකමවත් හම්බවුනේ නැහැ.

ඊයේ පෙරේදා අපේ සමිති රැස්වීමකට ඇවිත් කිව්වලු චාමරයි නිමලුයි රනිල්ගේ. අපි විපක්ෂයේ කියලා. ඒ විපක්ෂය මොකකක්ද රනිල් ඇවිල්ලා ජේ ආර්ගේ මුනුබුරා. සජිත් ඇවිල්ලා ජේ.ආර්.ගේ හොදම ගෝලයාගේ පුතා. ඉතින් අපි දෙගොල්ලන්ටම අන්තිම වෙන්නේ ඒගොල්ල අර කොහෙන්ද යනවා කිව්වා නේ සිරිපාදේ. ඒගොල්ල ඒපැත්තෙන් සිරිපාදේ නගිනවා අපි මේ පැත්තෙන් සිරිපාදේ නගිනවා. අන්තිමට සිරිකොතේදි ඔක්කොම එකතුවෙයි.

අන්තිමට මේ දෙගොල්ලන්ටම වෙන්නේ ලිහලා බැලුවම යූඑන්පිය උඩ. ඔය ඩලස්ලා කරපු දේකුත් නැහැ. විපක්ෂය කරපු දේකුත් නැහැ අන්තිමට සටනට එන්නේ පෙකිනි වැල කපපු යූ එන්පියේම දෙන්නෙක් ලියලා තියාගන්න. එහෙමනේ කියන්නේ දැන් අපි රනිල්ගේ ජනාධිපතිවරණ ඉලෙක්ෂන් එකක් ආවොත් ඒ කණ්ඩායම ඒ කණ්ඩායමට දෙයි අපි අපේ කණ්ඩායමට දෙයි. මම ඔය පක්ෂය ගැන කතා කරන්නවත් කැමැති නැහැ.
ඔය පක්ෂයේ ඉන්නේ දැන් දුවන්න පුළුවන් අශ්වයෝ ඉන්නේ තුන්දෙනයි. අපි නැහැ කියන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොළොන්නරුවෙන් හොඳට දුවනවා. දයාසිරි කාටහරි පචයක් ගහල පිස්සුවක් නටලා කුරුණෑගලින් එයි. ඊලගට කවුද දුවන්නේ මම වගේ ඉන්න අර ශාන් විජේලාලුත් එයි කියමු එතකොට අශ්වයෝ තුන්දෙනයි.

නිමල් ඇමති තුමා හොඳම අශ්වයා. චාමරත් හොඳ අශ්වයෙක්. දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්කුමාරත් හොඳ අශ්වයෝ. සියඹලාපිටිය ‍හොඳ අශ්වයත් අපිගාව තමයි. මහින්ද අමරවීර හොඳම අශ්වයා ඉතිං ඒගොල්ල දුවපුදෙන්.

කවුරු ආණ්ඩු පිහිටෙවුවත් නිමල් සිරිපාල සහ චාමර ඇමති. ඒකේ දෙකක් නැහැ ඒක තමයි වෙන්නේ. ඔය කට්ටිය දැගලුවට 113 හදන්න බැහැ. ඒක සියයට සීයක් ෂුවර්. ඒ නිසා අපි ඕවාට බයේ ඉන්න අය නෙවෙයි.”