28 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවැඩ බැරි නම් ගෙදර යන්න - ගීතා නිලධාරීන්ට කියයි

වැඩ බැරි නම් ගෙදර යන්න – ගීතා නිලධාරීන්ට කියයි

ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් අද (25) දිනයේදී විශේෂ සාකච්ජාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ.

මේ සාකච්ඡාවෙන් අනතුරුව ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව කඩිනමින් විසඳුම් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට සැලසුම් කොට ඇති බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සඳහන් කළාය.

යම් නිලධාරියෙකුට ළමයින් සම්බන්ධ කරුණුවලදී කාර්යක්ෂමව කටයුතු කළ නොහැකි නම් රැකියාව අතහැර ගෙදර යා හැකි බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමයින් සම්බන්ධ සිදුවීම්වලදී නිද්‍රාශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවටත් අමාථ්‍යවරිය එහිදී චෝදනා කළාය.