― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමහින්ද සමඟ එක්ව නැගිටින්න ප්‍රසන්නත් පුත්තලමට

මහින්ද සමඟ එක්ව නැගිටින්න ප්‍රසන්නත් පුත්තලමට

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (27) පුත්තලම, ආරච්චිකට්ටුවේ පැවැත්වෙන ‘එක්ව නැඟිටිමු’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන රැළියට එක් වී තිබේ.

පසුගිය සතියේදී අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැර එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බවට නොයෙක් කටකතාද පැතිරෙමින් යන අවස්ථාවක මොහු මෙලෙස පොහොට්ටුවේ ජන රැලියට එක්වීම විශේෂත්වයකි.

මෙම ජනරැළිය සංවිධානය කර ඇත්තේ පසුගිය මැයි 09 වැනිදා ගිනි තබා විනාශ කරන ලද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවස පිහිටි ස්ථානයේය.

ජන රැළියට සහභාවීමට පෙර ඇමතිවරයා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, සම්පත් අතුකෝරළ ඇතුළු පිරිස සමඟ විශේෂ සාකච්ඡාවකද නිරත වී තිබේ.

කෙසේවෙතත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකිරීම පොහොට්ටුව හැර යාමක් නොවන බව හා ජනාධිපතිවරයාට සහාය පළකිරීම අලියා පිටේ නැඟීමක් නොවන බවයි.