26 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නෑ - මහින්ද අමරවීර

මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නෑ – මහින්ද අමරවීර

යාල වනෝද්‍යානය තුළ නීතිවිරෝධී ලෙස හැසිරුණ පුද්ගලයන් අතර තම පුතාද සිටින බවට වාර්තා වන තොරතුරු සියල්ල අසත්‍ය බව තමාගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නොමැති බවත් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම සිද්ධිය වූ දිනයේදී තම පුතා නිවසේ සිට අධ්‍යයන කටයුතු හදාරමින් සිට ඇති බවයි.

මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නෑ. ඒ වෙලාවේ අධ්‍යන කටයුතුවල තමයි පුතා ඉදලා තියෙන්නේ. මම නැති කාලයේදී ඔහු ගිහින් තියෙන එකම ගමන මතුගම ඥාති නිවසකට. කොළඹින් පිට දවස් 10 දහයකදී විතර ඔහු ගිහින් තියෙන්නේ මතුගමට විතරයි.