මහින්ද රාජපක්ෂ යනු රටක් දිනපු නායකයෙක් බවත් අපිට නිදහසේ පාරේ බැහැලා යන්න පුළුවන් විදිහට රටක් හදපු නායකයෙක් මේ තත්ත්වයට පත් නොකරන ලෙසත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.
“මගෙන් ඇහුවා කතාවක් කරනවද කියලා. මම කිව්වා මල්ලි මම මේ වැඩේට විරුද්ධයි. මේ මට්ටමෙන් මේ රැස්වීම් මාලාව කරනවට පක්ෂයෙන්. පක්ෂය ගොඩ නගන්න ඉස්සෙල්ලා අපි මිනිස්සුන්ට යමක් කරන්න ඕන.
අපි මහින්ද රාජපක්ෂට ගෞරවනීය සමුගැනීමක් දෙන්න හැදුවේ. අපිට ඒ දේ කර ගන්න බැරිවුණා. අන්තිමට මිනිස්සු කිව්වා රට ගිනි තියපු නායකයා කියලා. අපි ආපහු ඇයි එතුමව මේ තත්ත්වයට පත් කරන්නේ. එතන හිටියා ගාමිණී ලොකුගේ, සනත් නිශාන්ත, නියෝජ්‍ය කථානායක. ඒ හැමෝම මාත් එක්ක එකඟයි.
මහින්ද මහත්තයට මේ දේ කරන්න එපා. රටක් දිනපු නායකයෙක්. අපිට නිදහසේ පාරේ බැහැලා යන්න හදපු නායකයෙක් මේ තත්ත්වයට පත්කරන්න එපා කියලා. මම නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ මූණට කිව්වේ. එයා ඒක පිළිගත්තා. වෙනස්කමක් කරයි. අපි නැගිටින්න ඕන.”