25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකොන්ද පණ නැති නායකයෝ එක්ක අපි හිටගන්නෑ

කොන්ද පණ නැති නායකයෝ එක්ක අපි හිටගන්නෑ

ජාතික ජන බලවේගය කොන්ද පණ නැති අය සමඟ හිට ගන්න අකමැති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

සජිත් ප්‍රේමදාස යනු කොන්ද කෙළින් තබාගෙන තීන්දු ගත නොහැකි දේශපාලනඥයෙක් බවත් ඔහු පනතකට විරුද්ධව අත උස්සන්න හෝ පාර්ලිමේන්තුවේ හරි තීන්දුවක් ගන්න බැරි පුද්ගලයෙක් බවත් ලේකම්වරයා චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මෙසේද පැවසීය.

සජිත් කියන්නේ කොන්දක් නැති කෙනෙක්. කිසිම ප්‍රතිපත්තියක් නෑ. පාර්ලිමේන්තු තීන්දුවක් ගන්න බෑ. එහෙව් කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යමක් කරයි ද? පොදු සටනක් ආවම ඒකට ඔළුව දාලා ජනතා සටනේ නායකයා වෙන්න තමයි එයා දඟලන්නේ. ඒ ගොල්ලන්ට පාර කපන අයත් රටේ ඉන්නවානේ. ඒක තමයි ප්‍රශ්නේ. සමහරු කියනවා මේ අරගලයට ජාතික ජන බලවේගය ආවේ නෑ කියලා. ඔව් අපි ගියේ නෑ. ඒක පැහැදිලියි. මොකද අපි විශ්වාස කරනවා එවැනි කණ්ඩායමක් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න අපිට බැහැ කියලා.