― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයේ මහ මොළකරු වෙන්න එපා

මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයේ මහ මොළකරු වෙන්න එපා

හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුත් ජාතික සීමා නිර්ණය කමිටුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ උපක්‍රමයක් වන බැවින් එවැනි කුමන්ත්‍රණයක හවුල්කරුවෙකු නොවන ලෙස විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ල ඔහුගෙන් ඉල්ලා තිබේ.

2023 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා රජය විවිධ උපක්‍රම යොදමින් සිටින බවට මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුත් සීමා නිර්ණ කමිටුවද එවැනි එක් උපක්‍රමයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

එමෙන්ම ඔහු මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයේ ‘මහ මොළකාරයා’ ලෙසට පත් නොවන ලෙසයි.

එමෙන්ම ජනහමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙසේ ප්‍රකාශ කළේය.

ඔවුන් දිගින් දිගටම සීමා නිර්ණය කිරීමේ කටයුතුවල නියැලෙන විට මැතිවරණ දිනය අවලංගු වී මැතිවරණ පැවැත්වීමට බැරි වෙනවා. ඔවුන් කරන්නේ එයයි. නමුත් දේශප්‍රිය කියා සිටියේ සීමා නිර්ණය සම්බන්ධයෙන් කටයුතු කළත් මැතිවරණ කල් නොදමන බවයි. අපි හිතනවා ඔහු හිටපු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිසා මාර්තු මාසයේදී මැතිවරණය පවත්වනවා කියලා. සීමා නිර්ණය කළාට කමක් නැහැ, නමුත් මැතිවරණය කල් දැමීමට සූදානම් වෙන්න එපා, එසේ වුවහොත් අපට නැවත පාරට බැසීමට සිද්ධ වෙනවා. දැනටමත් අවුරුද්දකින් කල් දමා මාර්තු මාසයේ පැවැත්වීමට බලාපොරොත්තු වන මැතිවරණ කල් දැමීමට ඔවුන් උත්සාහ කරනවා. ඔවුන්ට එය කල් දැමීමට අවශ්‍ය ඇයි? ඒ ඡන්දෙ තිබ්බොත් පරදින බව දන්න නිසා. ඔවුන් කල් දැමීමට උත්සාහ කරන්නේ කෙසේද? ඒ තමන්ට නව මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. සභික සංඛ්‍යාව අඩු කිරීමේ අවශ්‍යතාවත්, නව මැතිවරණ ක්‍රමයක් අනුව පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා කිරීමත් අවශ්‍ය බවත් ප්‍රකාශ කිරීමෙන්. ඔවුන් ඒ සඳහා දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් සීමා නිර්ණ කමිටුවක් පත් කර තිබෙනවා.”