― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගුරුවරියන්ගේ සාරිය ඉවත් කිරීමේ අවශ්‍යතාව තියෙන්නේ එක්කෙනෙක්ට විතරයි

ගුරුවරියන්ගේ සාරිය ඉවත් කිරීමේ අවශ්‍යතාව තියෙන්නේ එක්කෙනෙක්ට විතරයි

ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීමේ අවශ්‍යතාව ඇත්තේ එක් ගුරු සංගමයක නායකයෙකු වූ පුද්ගලයෙකුට පමණක් බවත් එම යෝජනාවට මහ සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශව වෙතින් විරෝධය එල්ල වී තිබෙන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියෙ අප රටේ සංස්කෘතිය හා බැඳී පවතින සාරිය හා ඔසරිය වෙනුවට ගුරු ගෞරවයට හානි වන වෙනත් කිසිදු ඇඳුමක් ගුරු වෘත්තිකයින් සඳහා හඳුන්වා නොදෙන බවයි.

ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීම සම්බන්ධව යෝජනා කරන ඇතැම් පිරිස් ඒ සඳහා උදාහරණයක් ලෙස ෆින්ලන්තය යොදා ගනු ලබන බවත් වසරේ මාස හයක කාලයක් අඛන්ඩව හිම පතිත වන ආකාරයේ අධික ශීත කාලයක් පවතින එම රටේ ක්‍රියාත්මක ගුරු ඇඳුමේ වෙනස් කම් ලංකාවට යෝජනා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.