― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට අපායක් කරපු රාජපක්ෂලා රනිල්ගේ පිහිටෙන් ආයෙත් බලය අල්ලන්න හදනවා

රට අපායක් කරපු රාජපක්ෂලා රනිල්ගේ පිහිටෙන් ආයෙත් බලය අල්ලන්න හදනවා

අප රට අපායක් බවට පරිවර්තනය කළ පොහොට්ටු ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පිහිටෙන් නැවතත් නැගිටීමට උත්සාහ කරන බවත් රට විනාශ කළ රාජපක්ෂවරුන්ට නැවත දේශපාලන බලය ලබා ගැනීමට ලැජ්ජා නැද්දැයි තමා අසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) බටහිර අනුරාධපුර ආසන බලමණ්ඩලයේ පැවැති රැස්වීමකට එක්වෙමිනි.

දිව්‍ය ලෝකයක් වූ අපේ රට අපායක් බවට පරිවර්තනය කළ පොහොට්ටු ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පිහිටෙන් නැවතත් නැගිටීමට උත්සාහ කරනවා. රට විනාශ කළ රාජපක්ෂවරුන්ට නැවත දේශපාලන බලය ලබා ගැනීමට ලැජ්ජා නැද්ද කියලා මං අහන්න කැමතියි. එළඹෙන මැතිවරණයකදී රට විනාශ කළ රාජපක්ෂ පවුලට සහ පොහොට්ටුවට මතක හිටින පිළිතුරක් ලබා දීමට ජනතාව සූදානම්.

විවිධ කොමිෂන් සභා පත්කර මැතිවරණය කල් දැමීමට උත්සාහ කළත් ජනතාව ඉල්ලා සිටින්නේ මැතිවරණයක්. එම නිසා එම සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා සිටින්නේ ඔබ හොඳ සමාජවාදියකු නම් මැතිවරණ කල් නොදමා වහාම මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි. ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයේ කොටස් කරුවකු නොවන ලෙස මං ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

එසේ ම වසර 11ක් කන්න 22ක් වී ගොවිතැන පිළිබඳ බතලේගොඩ පර්යේෂණ ආයතනය විසින් පර්යේෂණයක් සිදු කර ලබා ගත් තොරතුරු අනුව වී ගොවිතැනට කාබනික පොහොරම යොදා ගත හොත් වී ගොවිතැනේ අස්වැන්න සියයට 21.5 සිට 31 දක්වා අඩු වන බව අනාවරණය වුණා. ඊට අමතරව වී අස්වැන්න උපරිම තලයට ගත හැකි ක්‍රමවේදය වන්නේ රසායනික සහ කාබනික පොහොරවල සම්මිශ්‍රණයෙන් වී ගොවිතැනයි. මේ සියලු දත්ත අනාවරණය කර ගත්තේ දේශපාලනඥයන් නෙවෙයි මෙරට සිටින විද්‍යාඥයනුයි. එසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ වාර්තා ගණන් නොගෙන හිතුමතේට ගන්නා තීන්දු තීරණයක් නිසා වී ගොවිතැන, හේන් ගොවිතැන, පළතුරු වගාව ආදී සියලු වගාවන්ට ලබා දුන් පොහොර ආදිය තහනම් කළා. මේ තුළින් කෘෂිකර්මයේ නියැලී සිටි ගොවි ජනතාවගේ ජීවිත විනාශ වුණා. ඒ නිසා පහුගිය මාස් කන්නයේ අස්වැන්න සියයට 50කින් පහළ ගියා.”