― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපොහොට්ටුවේ හා සජබෙ 13ක් එජාපයට එක්වෙයි?

පොහොට්ටුවේ හා සජබෙ 13ක් එජාපයට එක්වෙයි?

එළැඹෙන අයවැයේදී පිල් මාරුවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ආණ්ඩුවට සහාය පළකිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමේ සූදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අයවැය දිනයේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වනු ඇති.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පවත්වා ඇති අතර එක්වන මන්ත්‍රීවරුන්ට ලබාදෙන අමාත්‍ය ධුර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද වාර්තා වනවා.