― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදිනේෂ් ගුණවර්ධන ඉපදෙන්නටත් පෙර පාර්ලිමේන්තුවට ඇවිත් - සුරේන් රාඝවන්

දිනේෂ් ගුණවර්ධන ඉපදෙන්නටත් පෙර පාර්ලිමේන්තුවට ඇවිත් – සුරේන් රාඝවන්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉපදෙන්නටත් පෙර පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව තමන් පොත්වලින් කියවා ඇති බව රාජ්‍ය අමාත්‍ය සුරෙන් රාඝවන් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

අගමැතිතුමා අවුරුදු 45ක අත්දැකීම් තිබෙන දෙශපාලඥයෙක්. ඉපදෙන්නට කලින් මේ සභාවට ආපු එකම මන්ත්‍රීවරයා එතුමා වෙන්න පුළුවන්. එතුමාගේ පියා සිරගතව සිටින විට එතුමාගේ මව පාර්ලිමේන්තුවට ආවා. එතකොට එතුමා කුසේ සිටි බවයි අපි පොත්වල කියලා තියෙන්නේ. එතුමා කියලත් තියෙන්නේ.

ඒ අගමැතිවරයාට දැන් ස්වදේශ කටයුුතු අමාත්‍යාංශය ලැබී තිබෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉතාමත් බුද්ධිශූර ලේකම්වරයෙක් කියලා ඔහුගේ කථාවලින් පේනවා. මේකයි අවස්ථාව අපිට රාජ්‍ය සේවය ගැන නැවත කියැවීමට.