22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපිට IMF සහය අනිවාරෙන් ලැබෙනවා - ජනපති

අපිට IMF සහය අනිවාරෙන් ලැබෙනවා – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද කීය.

කෝප් සමුළුවේදී මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය මුණ ගැසීමට අවස්ථාව ලැබුණා. මම එතුමිය සමඟ සාකච්ඡා කළා. අපිට සහයෝගය දෙන බව එතුමිය ප්‍රකාශ කළා. අපිට දැන් තිබෙන්නේ ඉන්දියාව සහ චීනය සමඟ සාකච්ඡා සාර්ථක කර ගැනීමයි. අපි රටවල් දෙකෙන්ම ඉල්ලා තිබෙන්නේ දෙසැම්බර් මාසය වන විට මේ සාකච්ඡා අවසන් කරන්න කියලා. මේ සාකච්ඡා අවසන් වුණහම අපිට තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම පමණයි. ලෝක බැංකු සභාපතිවරයා සමඟත් අපි සාකච්ඡා කළා. මේ දේවල් නොදන්නවා නම් විවාදය වර්ජනය කරන බව ප්‍රකාශ කිරීම ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා ආණ්ඩු පාර්ශ්වයට සහ විපක්ෂයට එය සම්මත කළ හැකියි.