― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරටේ ආර්ථිකය කාපු කබ්රාල් දැන් පොත් ලියනවා - සජිත් ප්‍රේමදාස

රටේ ආර්ථිකය කාපු කබ්රාල් දැන් පොත් ලියනවා – සජිත් ප්‍රේමදාස

ආර්ථිකය ඝාතනය කළ කබ්රාල් පොත් ලියනවා. රට ගොඩගන්න පෙරට ආ තරුණයින්ව අත්අඩංගුවට ගන්නවා. මේක අරුම පුදුම තත්ත්වයක්. මෙය වෙනස් කළ යුතුමයි” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (12) දොඩම්ගස්ලන්ද ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

මෙරට ආර්ථික වශයෙන් බංකොලොත් කරන්න මුල් වෙච්ච රාජපක්ෂලා සමග එක්ව රටේ ආර්ථිකය මංකොල්ල කෑ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් “ආර්ථික ඝාතකයින් මැද” කියා පොතක් ලියා ඇති බවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් වෙනුවෙන් පාරට බැහැපු සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් බන්ධනාගාර ගත කර ඇති බවත් මෙම ක්‍රමවේදය වෙනස් කළ යුතුව ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

ඔහු පෙන්වා දුන්නේ රට බංකොලොත් කළ සැබෑ ආර්ථික ඝාතකයින්ට අනිවාර්යෙන් දඩුවම් ලබාදිය යුතු බවයි. මෙලෙස රට ආර්ථිකවශයෙන් පරිහානියට ලක් කිරීමට මුල් වූ ප්‍රධාන පෙළේ කීප දෙනා අතර ඉදිරියෙන්ම අජිත් නිවාඩ් කබ්රාල් මහතාද සිටින බවට සජිත් ප්‍රේමදාස චෝදනා කළේය.