28.4 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඑජාපයේ මහලේකම් ධුරය රවී කරුණානායකට

එජාපයේ මහලේකම් ධුරය රවී කරුණානායකට

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයේ වෙනසක් සිදුවන බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.

ඒ අනුව රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට පත්කෙරෙනු ඇති. දැනට පක්ෂ මහලේකම් ධුරය දරන පාලිත රංගේබණ්ඩාරට පළාත් ආණ්ඩුකාර ධුරයක් ලබාදීමට නියමිත බවත් වාර්තා වෙයි.

ඉදිරි මැතිවරණ වසර ඉලක්ක කරගෙන එජාපය නව ජවයකින් ප්‍රතිසංවිධානය කිරීම සඳහා රවි කරුණානායක මහතාට වගකීම් පැවරෙනු ඇති අතර රංගේබණ්ඩාර මහතාට ආණ්ඩුකාර ධුරයට අමතරව පක්ෂයේ පූර්ණකාලීන නොවන තනතුරක්ද ලබා දෙනු ඇති බවත් වාර්තා වෙයි.