― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමම සමගි සන්ධානයට එක් වූ කතාව අසත්‍යයි - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

මම සමගි සන්ධානයට එක් වූ කතාව අසත්‍යයි – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

තමා සමගි ජන සන්ධානය සමග එක්වූ බවට පළවන මාධ්‍ය වාර්තා සියල්ල අසත්‍ය බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

ඇය මේ බව සඳහන් කළේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

ඇය එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ රට තුළ උද්ගත වූ වාතාවරණය හමුවේ ජනතාව පීඩනයට පත්වෙමින් සිටි මොහොතක රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී 2022 අප්‍රේල් මාසයේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ බවයි.

තමා සැමවිටම කටයුතු කරනු ලැබුවේ සිතට එකගව වන අතර ජනතාව වෙනුවෙන් කළ යුතු කාර්යයන්වලදී ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලැබූ ජනතාවට හිතැති යෝජනාවලට පක්ෂවීමට මෙන්ම ජනතාව පීඩාවට පත්කරන යෝජනාවලට විරුද්ධව කටයුතු කිරීමටද මහජන නියෝජිතවරියක් ලෙස නොපැකිලෙන බව ඇය පවසයි.

2023 වසර සදහා අයවැය යෝජනාව ඉදිරිපත් කරන මොහොතේ පොදුවේ විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු විපක්ෂයේ පොදු කාර්ය භාර්ය පිළිබදව සාකච්ඡා කිරීමට අද (14) තමා විපක්ෂ නායකවරයා ඇතුළු පොදු විපක්ෂ කණ්ඩායම හමුවී, විපක්ෂයේ පොදු කාර්ය භාර්ය පාර්ලිමේන්තුව තුළ ඉටුකිරීමට එකගතාවයක් ඇති කරගනු ලැබූ නමුත් එහිදී කිසිදු සමගි සන්ධානයකට එක්වීමක් සිදුනොවූ බව වගකීමෙන් ප්‍රකාශ කරන බව එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.