― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගෝඨාභය ඝාතන තැතක් ගැන විමල්ගෙන් හෙළිදරවුවක්

ගෝඨාභය ඝාතන තැතක් ගැන විමල්ගෙන් හෙළිදරවුවක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ රූපවාහිනී නාලිකාවක තිබූ වැඩසටහනකට එක්වෙමිනි.

මෙම සැලැස්මට පෙර ඇමරිකනු තානාපතිනි ජූලි චන්ග් විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැකදෙන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා යාඥා කළ බවත් ඇමරිකානු තානාපතිනියගේ යාඥාව පවා ප්ලෑන් එකේම කොටසක් බවත් මන්තේඉවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ලිබියාවේ හිටපු ජනපති ගඩාෆි ඝාතනය කළ අයුරින්ම ගෝඨාභය රාජපක්ෂ අරගලය තුළ ඝාතනයට සැලසුමක් තිබූ බව අවධාරණය කළ විමල් වීරවංශ ප්‍රකාශ කළේ අරගලකරුවන් මන්දිරයට ගොඩවදින තෙක් හිටපු ජනාධිපතිවරයා ඒ බව නොදැන සිටි බවයි.

එම අවස්ථාවේදී ජනාධිපති මන්දිරය ඇතුළත සිටි ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ගෝඨාභය රාජපක්ෂව නොමග යැවීමේ පිළිතුරක් ඔහු වෙත ලබාදෙමින් ‘Under control Sir’ යනුවෙන් පවසා ඇති බවත් කියා සිටියේය.