26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලෝකයේ වැඩිපුරම දරිද්‍රතාවය ඇති කළේ ගෝඨාභයයි - හර්ෂ ද සිල්වා

ලෝකයේ වැඩිපුරම දරිද්‍රතාවය ඇති කළේ ගෝඨාභයයි – හර්ෂ ද සිල්වා

ලෝක ඉතිහාසයේ මෑතකාලීනව රටක වැඩිපුරම දරිද්‍රතාවය ඇති කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ අනුව ලෝකයෙන්ම හොඳටම කරලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ බවයි.

සමාජ සුබ සාධනයට කරන වියදම රුපියල් බිලියන 40 කින් පමණ අඩු කර තිබෙනවා. අපේ කාලේ උද්ධමනය සියයට පහට අඩුයි. එදා මේ අය ජීවත් වෙන්න බැරි බව කිව්වා. අද ආහාර උද්ධමනය සියයට 95 ට ගියා. අද ජීවත් වෙන්න පුළුවන් බව ඒ අයම කියනවා.