― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදෙසැම්බර් මුල ලොකු හෙළිදරව්වක් කරමින් කරූ කරළියට

දෙසැම්බර් මුල ලොකු හෙළිදරව්වක් කරමින් කරූ කරළියට

මෙරට මුල් බැස ඇති මහා පරිමාණ දූෂණ වළක්වාලීමට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මූලික වෙමින් පුළුල් ක්‍රියාන්විතයකට යොමුවීමට කරු ජයසූරිය පියවර ගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ සඳහා මේ දිනවල සැලසුම් කරමින් පවතින අතර මේ වන විටත් ඒ සඳහා ඉදිරි පෙළ කමිටුවක් නම් කර ඇති බව වාර්තා වෙයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස කටයුතු කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එම කමිටුවේ ප්‍රධානත්වය දරනු ලබයි. ඒ සමගම මෑත යුගයේ රට තුළ සිදු වූ මහා පරිමාණ දූෂණ සිදුවීම් දහයක් ඉලක්ක කරගනිමින් ඒ පිළිබද ගවේෂණාත්මක හෙළිදරව්වක් කරමින් අදාළ වගකිවයුත්තන්ට නඩු පැවරීමටද සූදානමක් පවතින බව එම ආරංචිමාර්ග පවසයි.

ඒ සියලු සැලසුම් හා ක්‍රියාමාර්ග දෙසැම්බර් මස මුල් දින කිහිපය තුළ රටට හෙළිදරව් කිරීමට කරු ජයසූරිය අපේක්ෂා කරයි.