― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසමාජ මාධ්‍ය ඔස්සේ පොහොට්ටුවට මඩ ප්‍රචාර එල්ල කළොත් බලාගෙනයි

සමාජ මාධ්‍ය ඔස්සේ පොහොට්ටුවට මඩ ප්‍රචාර එල්ල කළොත් බලාගෙනයි

සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මඩ ප්‍රචාර එල්ල කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

මෙම උපදෙස් ලබා දී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර මෙම මඩ ප්‍රහාර එල්ල කරන පිරිස පසුගියදා පැවති අරගලයේදීද තම පක්ෂයටත්, නායකයන්ටත් විශාල වශයෙන් අගතියක් වන ලෙස අවලාද හා අපහාස සිදු කළ බව හෙතෙම අවධාරණය කළේය.

එලෙස මඩ ප්‍රචාර එල්ල කරන කිහිප දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඔහු එහිදී පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නම්වලින් පෙනී සිටිමින් පොදුජන පෙරමුණට හා එම පක්ෂ නායකයන්ට මඩ ප්‍රහාර දියත් කිරීමට මෙම පිරිස කටයුතු කරමින් සිටින බවත් එළඹෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් පොදුජන පෙරමුණු පක්ෂය පිළිබඳව ජනතා අප්‍රසාදය ඉස්මතු කරලීම සඳහා මෙම පිරිස බළකායක් ලෙස එක්වී පක්ෂයට පහර දෙන බවත් මහ ලේකම්වරයා අවධාරණය කළේය.