27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපය විනාශ කළා - කුමාර වෙල්ගම

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපය විනාශ කළා – කුමාර වෙල්ගම

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් පක්ෂයෙන් තාවකාලිකව ඉවත්කිරීම පිළිබඳව අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් ආරම්භ කළ, සිරිමාවෝ මැතිණිය පෝෂණය කළ, චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ ඉදිරියට ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන විනාශ කළ බවයි.

ඉදිරියටත් මෙවැනි ආකාරයට කටයුතු කළහොත් පක්ෂය තුළ කිසිවෙකුත් ඉතුරු නොවෙන බවත් පක්ෂයෙන් ඉවත් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම මහින්ද අමරවීරව භාර ගැනීමට ඕනෑම පක්ෂයක් සූදානම් බවත් මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.