28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලාභ ලබන ආයතන විකුණන්න රජයට අයිතියක් නැහැ - සජිත් ප්‍රේමදාස

ලාභ ලබන ආයතන විකුණන්න රජයට අයිතියක් නැහැ – සජිත් ප්‍රේමදාස

ලාභ ලබන රජයේ සමාගම් විකුණා දැමීමට රජයට අයිතියක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

“පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය විකිණීම ගැන සාකච්ඡා කළ හැකියි. නමුත් ලාභ ලබන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ටෙලිකොම් විකිණීමට රජයට අයිතියක් නැහැ.

මේ සම්බන්ධයෙන් රජය පිළිතුරක් ලබාදිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

ප්‍රශ්නය වන්නේ ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී රජය මෙම තීරණය ගත්තේ ඇයිද යන්නයි.

මෙම තීරණය දෙස බලන විට මැතිවරණය කල් දැමීමේ සූදානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.