― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගෝඨාටයි මටයි වුණේ එකම දේ - මෛත්‍රීපාල සිරිසේන

ගෝඨාටයි මටයි වුණේ එකම දේ – මෛත්‍රීපාල සිරිසේන

පාස්කු ප්‍රහාරයේදී සහ අරගලයේදී තමාට සහ ගෝඨාභය රාජපක්ෂට වූයේ එකම දේ බව මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන කියා සිටියෙ එම සිද්ධි දෙකේදීම ආරක්ෂක අංශ විසින් නිසි තොරතුරු ලබා දී තමා මෙන්ම ගෝඨාභය රාජපක්ෂවද දැනුවත් කර නොතිබූ බවයි.

පාස්කු ප්‍රහාරයට පෙර ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් කඩදාසි හුවමාරු කිරීම විනා තමාට එක් දුරකතන ඇමතුමක් හෝ ලබා දී ඒ ගැන දැනුම් නොදුන් බවත් සේ කර පාස්කු ප්‍රහාරයේ වගකීම තමා මත පැටවූ බව පවසමින් ඔහු චෝදනා කළේය.

ජූලි 9 වැනිදාද අරගලය සඳහා කොළඹට එන්නේ පුරවැසියන් 25,000ක් පමණ බව බුද්ධි අංශ විසින් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීමත් එවැනිම අක්‍රමවත් තත්ත්වයක් බවත් එහෙත් නොසිතූ පරිදි කොළඹට පුරවැසියන් ලක්ෂ 4ක් පමණ පැමිණ සිටීම හේතුවෙන් ඔවුන් ජල හා කඳුළු ගෑස් මත නවතාලිය නොහැකි වූ බවත් ඔහු අවධාරණය කළේය.