― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමං මල් වට්ටියක් අරගෙන රාජපක්ෂ වන්දනාවේ ගිහින් අගමැතිකම ඉල්ලුවේ නැහැ

මං මල් වට්ටියක් අරගෙන රාජපක්ෂ වන්දනාවේ ගිහින් අගමැතිකම ඉල්ලුවේ නැහැ

මල් වට්ටියක් රැගෙන රාජපක්ෂ වන්දනාවේ ගොස් අගමැතිකම ලබාගැනීමට තමන් ඉල්ලුම්පතක් ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (25) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මීට පෙර තමන් ලියූ ලිපියක් ගැන සභාවේ ඊයේ දිනයේ කතා කෙරුණු බවත් තමා එම ලිපිය යොමු කළේ තමාගේ තනි තනිමතයට නොවන බවයි විපක්ෂ නායකවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

පක්ෂයේ සියලු දෙනාගේ අදහස් සැළකිල්ලට ගෙන ඔවුන්ගේ අවබෝධයෙන් එම ලිපිය යොමුකළ බවත් ඔහු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා අගමැති ධූරය බාර ගන්නැයි තමාගෙන් පුන පුනා ඉල්ලීම් කළ බවත් ඒ අවස්ථාවේ දී ඊට ලිඛිතව පිළිතුරක් යැවූ බවත් විපක්ෂනායකවරයා පවසා සිටියා.

ඒ අවස්ථාවේදී අන්තර්කාලීන කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කොන්දේසි 04ක් හිටපු ජනාධිපතිවරයා වෙත ඉදිරි පත් කළ බවද සඳහන් කර සිටියා.