― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරනිල් ජනාධිපති කරපු එක හොඳයි කියලා දැනුයි තේරෙන්නේ - මහින්දානන්ද

රනිල් ජනාධිපති කරපු එක හොඳයි කියලා දැනුයි තේරෙන්නේ – මහින්දානන්ද

රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය නිවැරදි බව මේ වන විට වැටහී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ නාවලපිටිය ආසනයේ දෙකිද ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

පසුගිය කාලයේ මම පාර්ලිමේන්තුවේදී වැඩියෙන්ම දොස් කිව්වේ රනිල් වික්‍රමසිංහට, රට මේ වැටිලා තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තීරණය කලා. එතුමාට තියෙන ජාත්‍යන්තර සම්බන්ධකම්, පළපුරුද්ද, අත්දැකීම් නිසා අපි පාර්ලිමේන්තුවේ බහුතරයක ජන්දය ලබාදීලා එතුමාව රටේ ජනාධිපති කරා. එතුමා ජනාධිපති කරපු එක හොඳයි කියලා දැන් අපිට තේරෙනවා. මොකද නැති වුණ තෙල් ටික තියෙනවා, පැය ගණනක් කපපු විදුලිය දැන් පැයයි කපන්නේ, ගෑස් ටික ඇවිල්ලා, 400 ගණනට තිබුණ පිටි 200 ගාණට අඩු වෙලා, පරිප්පු මිල අඩු වෙලා, භාණ්ඩ මිල අඩුවෙලා රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තියෙනවා.

මම කියන්නේ නෑ අද වෙනකොට මිනිස්සුන්ගේ ප්‍රශ්න සියල්ල විසඳිලා කියලා. පවුල් ලක්ෂ 39කට රුපියල් 5000 දීමනාව දීලා. සමෘද්ධි වැඩි කරලා. වැඩිහිටි දීමනා මහජන ආධාර වැඩි කරලා මෙම අර්බුධකාරි තත්ත්වයෙන් ගොඩ එන්න එතුමා ගොඩාක් දේවල් කරලා තියෙනවා. ජනතාව එදා පාර බැස්සේ ඔවුන්ගේ පීඩනය පෙන්වන්න. ඒ මිනිස්සුන්ගේ බස් එකට ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, සමගි ජාතික බලවේගය නැග්ගා. ඒ අය බැලුවා ඡන්දයකින් එන්න බැරි නිසා ජනතාවගේ පීඩනයෙන් එන්න පුළුවන්ද කියලා.

දෙසැම්බර් මස වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය දෙනවා, ලබන මාර්තු පමණ වනවිට මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් වෙනවා. අද බලන්න සංචාරක කර්මාන්තය ලංකාවට ආපු නැති ගුවන්යානා දැන් එනවා. එදා එක් දවසකට ගුවන්තොටුපළකට විදේශිකයන් අවේ 200යි. අද වන විට දවසකට දස දහසක් විදේශිකයන් එනවා. වත්මන් රජය තවත් වසර 2 ½ කාලයක් රට පාලනය කරනවා, එම කාලය අතරතුර රටේ ආර්ථික අර්බුධය තරමක් දුරට විසඳෙන බවට අපට විශ්වාසයක් තියෙනවා. එම කාලය අතරතුර ජනතාවගේ ගැටළු විසඳීමට අපි පියවර ගන්නවා.”