― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදැන් මං රාජපක්ෂ පවුලෙන් නිදහස් - බැසිල් රාජපක්ෂ

දැන් මං රාජපක්ෂ පවුලෙන් නිදහස් – බැසිල් රාජපක්ෂ

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තමාට ලොකු සහනයක් තිබෙන බවත් තමාගේ ප්‍රධාන බැඳීම් කීපයකින් මිදෙන්න අවස්ථාව ලැබීම ඒ සහනය බවත් හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ජාතික පුවත්පතකට අදහස් පළ කරමිනි.

21 වන ව්‍යවස්ථා සංශෝධන සම්මත වීමට පෙර තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ බවත් එම තීන්දුව ගත්තේ පෞද්ගලික තීන්දුවක් හැටියට බවත් පෙන්වා දෙන ඒ මහතා එය පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සම්මත කිරීම තමන් ගත්ත තීන්දුව අනුමත කිරීමක් බවත් කියා සිටියේය.

අපට තියෙන චෝදනාවක් තමයි රාජපක්ෂ පවුලට අපි අදිනවා කියලා. ඇත්තටම ඇත්ත. මම ඒක පිළිගන්නවා. මම බොහොම රාජපක්ෂවාදියෙක්. පවුල්වාදියෙක්. ඒකෙන් නිදහස් වෙන්න මට පුළුවන් වුණා. දැන් මට බැඳීම තිබෙන්නේ මහින්ද රාජපක්ෂ සමඟ පමණයි. මගේ යුතුකමක් තියෙනවා ප්‍රාදේශීය සභාවල මහජන නියෝජිතයන් හැටියට පත්වෙලා ඉන්න පොහොට්ටුවේ කට්ටිය ආරක්ෂා කරන්න. ඒ වෙනුවෙන් මම සක්‍රීය දේශපාලනය කරනවා. ඔවුන් තමයි පක්ෂය ආරම්භ කළේ. ඔවුන් තමයි පළමුවැනි ජයග්‍රහණය ලබා දුන්නේ. මෙතැනදිත් ඔවුන් අප සමග හිටියා. ඒ නිසා ඊළඟ පළාත් පාලන ඡන්දෙදී ඔවුන් ජයග්‍රහණය කරවීම සඳහා මම සක්‍රීය දේශපාලනයේ ඉන්නවා. මට තනතුරු දරන්න නීතියෙන් බලයක් නෑ. මට මන්ත්‍රී කෙනෙක් වෙන්න ඇමැති කෙනක් වෙන්න අගමැති වෙන්න ජනාධිපති වෙන්න තමයි මේ ආයෙත් ඇවිත් වැඩ කරන්නේ කියලා දැන් මට කාටවත් චෝදනා කරන්න බෑ. මට ඒක නීතියෙන්ම කරන්න බෑ.