― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපොහොට්ටුවෙන් ගැලවුණු පිරිස යළි පොහොට්ටුවට ආ යුතුයි - බැසිල් රාජපක්ෂ

පොහොට්ටුවෙන් ගැලවුණු පිරිස යළි පොහොට්ටුවට ආ යුතුයි – බැසිල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව විපක්ෂයට ගිය පිරිස යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැමිණිය යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

ජාතික පුවත්පතකට අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

කිහිපදෙනෙකු මුල සිටම පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර සිටි අය බවත් වෙනත් පක්ෂවලට ගොස් ඇමතිකම් ලබාගැනීමේ බලාපොරොත්තුවක් සමහරුන්ට​ නොතිබූ බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

එමෙන්ම විමල් වීරවංශ සමඟ යළි ගමනක් ආරම්භ කිරීමට තමන්ට ආශාවක් තිබෙන බව පැවසූ බැසිල් රාජපක්ෂ කියා සිටියේ ඒ සඳහා ඕනෑම පරිත්‍යාගයක් කිරීමටද තමා සූදානම් බවත්ය.

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගත්තොත් යහපාලන ආණ්ඩුවේ ජනාධිපති වෙලා ඉඳලා අපේ පක්ෂයෙන් තමයි මන්ත්‍රී කෙනෙක් වුණේ. ඒවා ඉතින් එහෙම තමයි මම කියන්නේ නැවත කල්පනා කරලා බලන්න කියලයි. ඔය ගිය හැම දෙනාටම ඉතාම පහසු තැන පොහොට්ටුවයි.