― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඊශ්‍රායලයට තියෙන ලොකුම අභියෝගය ශ්‍රී ලංකාවයි - විමල් වීරවංශ

ඊශ්‍රායලයට තියෙන ලොකුම අභියෝගය ශ්‍රී ලංකාවයි – විමල් වීරවංශ

ඊශ්‍රායලයට තිබූ ලොකුම අභියෝගය ශ්‍රී ලංකාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

මම කර්මාන්ත අමාත්‍යවරයා වෙලා ඉන්න කාලේ අමාත්‍යංශ ලේකම්වරයා විදියට කටයුතු කලේ යුද හමුදාවේ හිටපු හමුදාපති දයා රත්නායක මැතිතුමා. මට එක දවසක් එතුමා ලබපු අත්දැකීමක් ගැන කිව්වා. එතුමා යුද හමුදාපති වෙලා හිටපු කාලේ ඊශ්‍රායලයට ගියපු වෙලාවෙ ඊශ්‍රායලයේ හිටපු හමුදා ප්‍රදානියෙක් එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඇහුවලු උබ දන්නවද ඊශ්‍රායලයට ප්‍රධාන අභියෝගය තියෙන්නේ කොහෙන්ද කියලා. එතකොට දයා රත්නායක කල්පනා කරලා බලලා කිව්වලු ඉරානය කියලා. එතකොට ඊශ්‍රායලයේ හමුදා ප්‍රදානියා කිව්වලු ඒක අපිට ඒක කළමනාකරණය කරගත හැකි ප්‍රශ්නයක් මිසක් අභියෝගයක් නෙවෙයි කියලා. ඊටපස්සේ දයා රත්නායක කිව්වලු මට මේකට උත්තරය දෙන්න දන්නෑ එහෙනම් කියලා. එතකොට ඊශ්‍රායලයේ හමුදා ප්‍රදානියා කිව්වලු අපිට අභියෝගය තියෙන්නේ ලංකාවේ කියලා. එතකොට දයා රත්නායක පුදුම වෙලා ඇහුවලු ඇයි ඒ කියලා. අපි බොහෝ නිෂපාදන ගොඩක් වෙලාවට මිලිටරිමය දේවල්නෙ ඊශ්‍රායලයේ හදන්නේ. අපි ඒ වගේ ගොඩක් නිෂ්පාදන ලෝකේ ගොඩක් රටවල්වලට විකුණනවා. අපේ තියෙනවා ඒ රටවලට පසු සේවය සපයන වෙනම යුනිට්. අනික් හැම රටකම පසු සේවා යුනිට් එක ඒ රටවලට යනවා, ඒවාට සේවය සපයනවා. තාක්ෂණික ප්‍රශ්නවලට ප්‍රතිකාර කරනවා. ඒත් ලංකාවට වෙන් කරපු ටීම් එකට විතරක් වැඩ නෑ. දයා රත්නායක ඇහුවලු ඇයි ඒ කියලා. උබලගේ රටේ ඉන්න අය තාක්ෂණික ප්‍රශ්නයක ආවොත් ඒක කොහොමහරි හදාගන්නවා. අපිට කියන්නෑ. ඒකෙන්ම පේනවා උබලගේ මීටරේ කියලා. ඒක නිසා ලංකාව තමයි අපිට තර්ජනයක් වෙන්න පුළුවන් එකම තැන කියල.