― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරනිල් ගෑස් පෝළිම්, තෙල් පෝළිම් නැති කළා - මහින්දානන්ද අලුත්ගමගේ

රනිල් ගෑස් පෝළිම්, තෙල් පෝළිම් නැති කළා – මහින්දානන්ද අලුත්ගමගේ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අත්‍යවශ්‍ය ආහාර රැසක මිල අඩු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) නාවලපිටිය – වැලිගම්පොළ ප්‍රදේශයේදී රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා (04) පැවති ජන හමුවේදී අදහස් දක්වමිනි.

රටේ පැවති ගෑස් හිඟය සහ ඉන්ධන පෝළිම් ජනාදිපතිවරයා විසින් නැති කළ බවත් ඉදිරි වසර දෙකහමාරේදී රටේ පවතින ආර්ථික තත්ත්වය ඉහළ දැමීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගන්නා බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරීමට හෝ එම පක්ෂයේ සමාජිකත්වය ඉහළ දැමීමට ජනාධිපතිවරයා කටයුතු නොකර රටේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීමට පියවර ගැනීම සාධනීය කාර්ණයක් බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.