තමා ජනාධිපති සමයේ ක්‍රියාත්මක කළ ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහා වැය කළ මුදල්ද තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැය කළ බවට ගණනය කර වැරදි පුවතක් සමාජගත කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.
“සතියක් තිස්සේ මාධ්‍ය ආයතන රාශියක් ඉතා වැරදි ප්‍රවෘත්තියක් මා සම්බන්ධ කරගෙන ප්‍රචාරය කළා. මහින්ද රාජපක්ෂගෙත් මගෙත් ඡායාරූප දමා ජනපති කාර්ය මණ්ඩල නඩත්තුවට මිලියන එක්දහස් හාරසිය අසූවක් වියදම් වූ බව පවසා තිබෙනවා. මෙය සත්‍යයක්. මහින්ද රාජපක්ෂ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ජනාධිපති වැය ශීර්ෂයෙන් 43%ක්ද මෛත්‍රීපාල සිරිසේන 57% ද යොදවා තිබූ බව අනාවරණය වූ බව එම වාර්තා වල දක්වා තිබෙනවා.
තොරතුරු දැනගැනීමේ පනත අනුව ඉල්ලීම් කර තොරතුරු ලබාගත් බවද ඒ ප්‍රවෘත්තියේ දක්වා තිබෙනවා. මම ජනාධිපති ලෙස කටයුතු කරද්දී ජාතික මට්ටමේ ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කළා. ඒ ව්‍යාපෘති රටේ ජනප්‍රිය වුණා. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, ජාතික පරිසර වැඩසටහන, ජාතික වකුගඩු රෝග මර්දන මර්දන ව්‍යාපාරය, ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන, අපචාරවලට ලක්වන දරුවන් බේරා ගැනීම සඳහා ළමයින් රකිමු වැඩසටහන, කාන්තා හිංසනය වැළැක්වීමේ වැඩසටහන, ග්‍රාම ශක්ති වැඩසටහන ආදියට අප වැඩිපුර නිලධාරීන් යෙදෙව්වා.
රජයේ වෙනත් ආයතනවලින් නිලධාරීන් ලබා ගෙන ජාතික වැඩසටහන්වලට බඳවා ගත්තා. වෛද්‍යවරුන් ඉංජිනේරුවන්ද මේ වැඩසටහනට ලබා ගත්තා. මේ ව්‍යාපෘති සඳහා පත්කළ නිලධාරීන්ගේ වැටුප් සමඟ තමයි මේ ගාන හදලා පෙන්වන්නේ. මට මේකට පරීක්ෂණයක් අවශ්‍ය නැහැ. මේ වැරදි තොරතුරු නිවැරදි කිරීමට කටයුතු කරන්න.“