28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨා ශර්ට් ඇඳන් කරපු දේ රනිල් ටයි කෝට් දාගෙන කරනවා

ගෝඨා ශර්ට් ඇඳන් කරපු දේ රනිල් ටයි කෝට් දාගෙන කරනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කරන්නේත් එදා රාජපක්ෂවරුන් සිදු කළ කාර්යයම බවත් වෙනසකට තිබෙන්නේ එදා ගෝඨාභය ශර්ට් එකක් දාගෙන කළ කාර්යය අද රනිල් ටයි කෝට් දාගෙන කරන බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඊට හොදම උදාහරණය ලෙස ලාබ ලබන ආයතන පවා විකිණීමට කටයුතු කරමින් සිටීම බවයි.

ලාබ ලබන මත්තල සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම ගැටලුවක් නැති බවත් ලාබ ලබන ආයතන විකිණීම පිළිගත නොහැකි බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.