― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපොහොට්ටුවේ අතකොලුවක් වූ රනිල් දැන් රටේ සම්පත් විකුණන්න අරන්

පොහොට්ටුවේ අතකොලුවක් වූ රනිල් දැන් රටේ සම්පත් විකුණන්න අරන්

පොහොට්ටුවේ අතකොලුවක් වූ වත්මන් ජනාධිපතිවරයාගේ විසඳුම වන්නේ ලාභ ලබන මෙන්ම අලාභ ලබන ආයතන විකිණීම බවත් ඒ සඳහා සමගි ජන බලවේගය කිසිඳු අවස්ථාවක ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) දොම්පේ පැවති මහජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස පැවසුවේ වත්මන් රජය සිදු කරන්නේ රටේ සම්පත් කුණු කොල්ලයට විදෙස් රටවලට විකිණීම බවයි.

විදුලි බිල වැඩි වීම, ණය පොලී අනුපාත වැඩි වීම නිසා මේ රටේ වෙළෙඳුන්, ස්වයංරැකියා ලාභීන් පවා අසරණ වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, මෙවැනි තත්ත්වයක් මත වුවත් වත්මන් රජය මේ ගැටලුවලට විසඳුම් ලබා දෙනවා වෙනුවට රටේ ආර්ථිකය කුඩා කරමින් සිටින බව අවධාරණය කළේය.

මෙම ආණ්ඩුව රාජපක්ෂ පවුලේ නියෝග අනුව යමින් සෑම අතකින්ම මේ රටේ ජනතාවට පහර ගසමින් සිටින බවත් ජනතාව රකිනවා වෙනුවට ආණ්ඩුව කරන්නේ රාජපක්ෂ පවුල රැකීම බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.