― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආණ්ඩුවේ නාස්තිකාර වියදම් නවත්වා ජනතාවට සහන දෙන්න

ආණ්ඩුවේ නාස්තිකාර වියදම් නවත්වා ජනතාවට සහන දෙන්න

ජනතාවට වසර අවසානයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් හෝ සහනදායි මිලට ලබා ගැනීම සඳහා සහන පැකේජයක් හඳුන්වා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුව විසින් කරනු ලබන නාස්තිකාර වියදම් වහාම නවත්වා ජනතාවට
සහන සැලසිය යුතු බවයි.

අද රට පවතින්නේ ප්‍රිය සම්භාෂණ, සාජ්ජ පැවැත්විය හැකි වාතාවරණයක නොවන බවත් මෙවැනි අමනෝඥ ක්‍රියාවලින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව ජනතාවගේ හදගැස්ම තවමත් තේරුම් ගෙන නැති ආකාරයක් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී අවධාරණය කළේය.

ජනතාව වේලක් හැර වේලක් කා අන්ත දුෂ්කරව ජීවත්වන අවස්ථාවක පාලකයන්ට එය නොතේරීම ප්‍රහේලිකාවක් බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ අද වනවිට දරුවන් පාසල්වල, දහම් පාසල්වල ක්ලාන්ත වී ඇද වැටෙන තත්වයක් නිර්මාණයවී ඇති බවයි.