― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඩයනාට දිව දික් කළැයි නලින්ට දෝස්මුරයක්

ඩයනාට දිව දික් කළැයි නලින්ට දෝස්මුරයක්

සිය පාර්ලිමේන්තු කතාව අතරතුරදී නලින් බණ්ඩාර විසින් ඩයනා ගමගේ මන්ත්‍රීවරියට දිව දික් කරමින් අපහාස කළ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මින් පෙරත් තිස්ස කුට්ටිආරච්චි සම්බන්ධයෙන් මෙවැනිම චෝදනාවක් මතු වූ බවත් එහිදී ක්‍රියා කළ ආකාරයෙන්ම මේ පිළිබඳවත් ක්‍රියා කළ යුතු බවත්ය.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කළේ මෙම කාරණය වරප්‍රසාද ප්‍රශ්නයක් යටතේ ගෙන එන ලෙස ඉල්ලා සිටින බවත් මේ ඒ ගැන කතා කිරීමට අවස්ථාව නොවන බවත්ය.