33.4 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න

ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න

“ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න. අපි අයින් වෙලා ඉන්නම්. පැත්තක යන අපේ ඇඟේ තමයි ජරාව ගෑවෙන්නේ” යැයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පැවසුවාය.

මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිතුමියට වූ සිදුවීම ගැන කාන්තාවක් ලෙස තම කනගාටුව ප්‍රකාශ කරන බවයි.

එමෙන්ම මේ සභාව නියෝජනය කරන කවුරුත් කතා කරන වචනවල වගකීමක් තිබිය යුතු බවත් තමාට වාචික හිංසනයක් වූ විට හරි තීරණයක් පාර්ලිමේන්තුව අරන් තිබුණ නම් එවැනි දෙයක් නොවෙන්න තිබූ බවත් මන්ත්‍රීවරිය එහිදී අවධාරණය කළාය.

ගලි බවුසර් කියන්නේ අප්‍රාණවාචී වචනයක්. ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න. අපි අයින් වෙලා ඉන්නම්. පැත්තක යන අපේ ඇඟේ තමයි ජරාව ගෑවෙන්නේ