ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සූදානම් බව පාරලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) නාවලපිටිය ගල්පාය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
එවැනි මැතිවරණයකදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර පිරිසක්, වාමාංශික පෙරමුණේ විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකට එක් වී මැතිවරණයකට මුහුණ දිමට සුදානම් බව මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.
කොවිඩ් වසංගත සමයේ දේශීය සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා රටේ ආර්ථික ගැටළුවක් ඇති වු බවත් එම ගැටළුව නිසා රටේ ජනතාවට දැඩි පීඩාවක් ඇති වූ බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේය.
රටේ ආර්ථික තත්ත්වය යළි යථා තත්ත්වයට පත් කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බව පැවසූ මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ජනාධිපතිවරයාට ලබාදෙන බවයි.
ජනතා විමුක්ති පෙරමුණ කලකදි මැතිවරණ අකුලා ගන්නා ලෙස පවසන බවත් මේ වනවිට යළෛත් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රට පුරා රැස්වීම් මාලාවක් පවත්වන බවත් හෙතෙම පැවසීය.
එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ කතා විලාසය සිත් ගන්නාසුළු වුවද එම පක්ෂ නායකයාට හෝ එම පක්ෂයට රටේ ආර්ථික තත්ත්වය යළි යථා තත්ත්වයට පත් කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් සඳහන් කළේය.
පැවති ඉන්ධන හිඟය, ගෑස් හිඟය නිසා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලයට ඉවත් විමට සිදු වූ බවත් එවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට තම පක්ෂය ඉදිරියේදි කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.


