ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් සමග එකට එක්ව සන්ධානගතව තරඟ කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා පොදු පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ හොරිවිල ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නිරතව සිටින අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි දාහක් මුදලක් අවශ්‍ය බව කියනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණදීම සඳහා සූදානමින් සිටිනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හමුවේ පොහොර ගැටලුව ඇති කළ නිසා රටේ ප්‍රශ්න ඇති වූණා. එසේ නොවන්නට පක්ෂයක් හැටියට රටට කිසිදු අසාධාරණයක් සිදු කර නෑ.
පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ගම්ට යා නොහැකි බවට නැගෙන චෝදනාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ වන විටත් තමන් ඇතුළු කණ්ඩායම් තම ප්‍රදේශයේ ගම්මානවල සැරිසරමින් දේශපාලන කටයුතුවල නිරත වෙනවා. තවත් පක්ෂ ගණනාවක් එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා සිදුවෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදීරි දේශපාලන කටයුතු තවදුරටත් සන්ධානගතව සිදුකරනවා.“


