සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇමති ධූරයෙන් ඉවත්වෙලා ත්‍රීවීල් එකේ ගෙදර යන්න හදන වෙලාවෙත් ඊට පස්සෙත් කියනවා උසාවි ගිහින් සල්ලි හම්බකරලා වාහනයක් ගන්නවා කියලා. ඒක පට්ටපල් බොරුවක් බව ඕන කෙනෙක් දන්නවා.
ඊට වඩා මෙහි ප්‍රශ්න කළ යුතු දෙය වන්නේ ඇමතිකමෙන් අස්වුණත් මන්ත්‍රී ධූරය දරන ඔහු උසාවි යනවා යැයි කියන එක. ඇමතිවරයෙකුට මෙන් නොව මන්ත්‍රීවරයෙකුට එවැනි රැකියාවක් කරන්න තහනමකුත් නැහැ.
එහෙත් අනේක විධ ප්‍රශ්න ඇති කොළඹ දිස්ත්‍රික්කයේ මේ ජනතා නියෝජිතයාට එහෙම උසාවි ගිහින් තවත් සල්ලි හම්බකරන්න වෙලාවක් තියෙනවද? නැත්නම් ඔහු මේ කියන්නේ මට ඇමතිකමක් නැත්නම් මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න, වෙනත් සැලසුම් හදන්න උවමනාවක් මට නැහැ වගේ කතාවක්ද?
පාර්ලිමේන්තු මන්ත්‍රීකම කියන්නෙත් ජනතා මුදලින් වැටුප් හා වෙනත් වරප්‍රසාද හිමි රැකියාවක් තමයි. ඔහු හෝ ඇය ජනතාව හමුවේ විවිධ ප්‍රතිඥා දී සපථ කොට පැමිණ මසකට දවස් 8 ක් පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවලට යාම පමණක් ඇතිද? බහුවිධ වගකීම් පැවරී ඇතත් නියෝජිතයන් බහුතරයක් එම දිනවලද පාර්ලිමේන්තුවට යන්නෙත් නැහැ. තමන්ගේ ව්‍යාපාර කටයුතු යහමින් මෙහෙයවමින් වැඩේ බැලන්ස් කරනවා වෙන්න පුළුවන්.
එහෙත් මන්ත්‍රී තනතුරට සමාජයේ අන් අයට නොදවැනි වරප්‍රසාද හිමි වන්නේ සිය වගකිම් නොපිරිහෙළා සර්ව සාධාරණව ඉටු කිරීමට මිස දෙවැනි රැකියාවක් කිරීමට නොවෙයි. ඒ වගේම මන්ත්‍රීකම කියන්නේ බාර් ලයිසන් ගන්න, නීති විරෝධී ජාවාරම් කරන්න, හිතවතුන්ට කොන්ත්‍රාත් දෙන්න, එතනෝල් ගෙන්වන්න වගේ දේවල්වලට තියෙන බලපත්‍රයකුත් නොවෙයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙවන රැකියාවක් කිරීම තහනම් කිරීමට මේවන විට සූදානමක් පවතිනවා. ඒ උපදේශකයින් ලෙස කටයුතු කරන අය සම්බන්ධයෙන්.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පවුම් 81,932 ක වාර්ෂික වැටුපක් හිමිවෙනවා. ඔවුන්ගේ අමතර ඉපැයීම් වසරකට පවුම් 50 සිට පවුම් මිලියනය දක්වා පරාසයක පවතිනවා.
පාලක කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රී Owen Paterson දෙවන රැකියාවක් කිරීම සහ බලපෑම් කිරීමේ චෝදනා හමුවේ ධූරයෙන් ඉවත් වුණ. එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නීතිපති Sir Geoffrey Cox පසුගිය වසරේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් පවුම් ලක්ෂ 9 ක් පමණ උපයා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව තිබෙනවා.
බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් සිය වැටුපෙන් 15% කට වඩා වටිනා තෑගි, පරිත්‍යාග සහ කොටස් හිමිකාරීත්වය හෝ ඕනෑම අමතර ආදායමක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු වනවා. මෙහි ඉහළම ආදායම් ලබන වාඩි පිරිස නීතිඥයන්.
නීතිඥයෙකු ද වන කම්කරු පක්ෂ නායක Sir Keir Starmer 2015 මන්ත්‍රී ධූරයට පත්වන විට පවුම් 100,000 ක ආදායමක් ඉපයූ අයෙක්. එහෙත් ඉන් ඉවත් වූ ඔහු එකී පාර්ලිමේන්තු නීතිරීතිවලට පටහැනිව කිසිවක් කර ඇති බවට කිසිදු වාර්තාවක්ද නැහැ.
සුසිල් ප්‍රේමජයන්ත මහතා පමණක් නොව බොහෝ දෙනෙක් තම ප්‍රමුඛ කාර්යයට තැන දෙනවාද යන්න විමසිය යුත්තක්. පාට් ටයිම් පාර්ලිමේන්තු මන්ත්‍රීලට ලංකාව වගේ රටක් හදන්න ලෙහෙසි නැහැ. දැන්වත් ෆුල් ටයිම් කට්ටියක් හොයා ගන්න අදිටන් කරගන්න ඕන..!
|මහින්ද රුබසිංහ