විදෙස් රටවලින් ලැබුණු අරමුදල් මෙරට ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ලෙස භාවිතයට නොගත් බවත් ඒ පිළිබඳව තමා කණගාටු වන බවත් අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.
ඉන්දීය රජය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව යන ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ලබාදී තිබුණත් රජයේ දෙපාර්තමේන්තු ඖෂධ මිලදී ගැනීම සඳහා ඒවා නිසි ලෙස භාවිතයට නොගත් බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.