― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකෙසේ හෝ රට ණය බරින් මුදාගන්නවා - ජනපති

කෙසේ හෝ රට ණය බරින් මුදාගන්නවා – ජනපති

තමන් කෙසේ හෝ මේ රට ණය බරින් මුදා ගන්නා බවත් ආයෝජන අවස්ථා වැඩිකර ලබන වසර වනවිට ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කඩවත ප්‍රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අද වියට්නාමයේ ආර්ථිකය ෆෝමියුලා වන් රේසින් කාර් එකක් වගේ. අපේ ආර්ථිකය තාම ත්‍රීවිල් එකක් වගේ. ඉතින් අපි කොහොමද සිංගප්පූරුවේ ධාවන තරගයට යන්නේ. අනෙක් රටවලට තියෙනවා ෆෝමියුලා වන් රේසින් කාර්. අපිට පුළුවන් ද ත්‍රීවිල් එකකින් ගිහින් තරග කරන්න. මේක හොඳයි ජනතාවට එදිනෙදා ගමන් යන්න. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. මම නැවතත් එය හොඳයි කියලා කියනවා. ඒත් රේස් එකට හරි යන්නේ නෑ. අපි කොහොමද දිනන්නේ.

එහෙම නම් අපිත් රේසින් කාර් එකක් හොයා ගන්න ඕනේ. හොඳ එංජිමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ ආර්ථිකයක්. ඒ ආර්ථිකය තමයි අපි දැන් ගොඩනගමින් සිටින්නේ. අපි ඒ එංජිම හදන්නේ මේ රටේ විවෘත ආර්ථිකයක් ඇති කරලා. තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කරලා ලෝකය සමග තරග කරන්න තමයි මේ රේසින් කාර් එක හදන්නේ. මම විශ්වාස කරනවා එය ජයග්‍රහණය කිරීමට ඔබ සියලුදෙනාට හැකියාව තිබෙනවා කියලා.

පළමුවෙන්ම රට තුළ ඩිජිටල් ආර්ථිකයක්. පරිසර හිතකාමි ආර්ථිකයක්, වගේම සමාජ සාධාරණ ආර්ථිකයක්, ඒ වගේම ඉතාම තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඒකට තමා මේ ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන්නේ. පරණ ක්‍රමවලට පුරුදු වුණ අය මේකට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් අපිට යන්න තියෙන්නේ අලුත් පාරක. ඔබතුමන්ලා යන්න කැමති රේසින් කාර් එකේ ද? සයිකලේ ද? කියලා මට කියන්න. මොකද අනාගතය අයිති ඔබ සියලුදෙනාට.