30 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතවම පොහොට්ටුවෙයි එජාපයෙයි දීගය තීන්දු කරලා නෑ

තවම පොහොට්ටුවෙයි එජාපයෙයි දීගය තීන්දු කරලා නෑ

එක්සත් ජාතික පක්‍ෂය මේ වනතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සමඟ මැතිවරණවලදී එකට තරග කිරීම සඳහා පොදු එකඟතාවයකට පැමිණ නොමැති බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසීය.

පසුගිය දිනක ප්‍රකාශයක් කරමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත්වන බව තිබුණත් එවැනි එකඟතාවයකට පැමිණ නැතැයිද සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රංගෙ බණ්ඩාර පවසා තිබේ.

ජනාධිපතිවරයා ඊට ගොඩනඟන්න අවශ්‍ය ඕනෑම කෙනෙක් එක්ක එකතුවී කටයුතු කිරීමට එකඟ බවත් මහලේකම්වරයා කීය. අරගලයට වුණත් සම්බන්ධ වූ බොහෝ පිරිස් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ බවත් ඇතැම් දේශපාලන පක්‍ෂවලින් බලපෑම් එල්ලවීමෙන් පසු ඔවුන් ප්‍රචණ්ඩ වූ බවත් මහලේකම්වරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.