29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජවිපෙ නායකත්ව වෙනසක්.. අනුර ඉවත් වෙයි?

ජවිපෙ නායකත්ව වෙනසක්.. අනුර ඉවත් වෙයි?

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට නියමිත ඇතැයි වාර්තා වනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ නායකත්වයේ හිඳිමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය බිමල් රත්නායක මහතාට ලබා දෙන බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම නායකත්ව මාරුව සිදුවන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පසුව බවයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා තව වසර දෙකකින් පසුව දේශපාලන දිවියෙන් සමුගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පත් වීමට නියමිත බව වාර්තා වනවා.

#asianmirror