― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපි කවදාවත් හොරු එක්ක ඩීල් දාන්නේ නැහැ

අපි කවදාවත් හොරු එක්ක ඩීල් දාන්නේ නැහැ

හොරු සමග කිසිදු විටෙක ඩීල් ගැසීමට සමගි ජන බලවේගය සූදානම් නොමැති බවත් බංකොලොත්භාවයට පත් වූ ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේදී ශක්තිමත් හැම අතින්ම පරිපූර්ණ දේශයක් බවට නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

අපේ රටේ ඩිජිටල් කේන්ද්‍රීය බෙදීමක් පවතින බවත් ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල කෘතීම බුද්ධිය ඩිජිටල් අධ්‍යාපනය වැනි නවීන අධ්‍යාපන ක්‍රමවේද භාවිත කළත් රජයේ පාසල් තුළ එවැනි දෙයක් සිදු නොවන බවත් එම නිසා අධ්‍යාපනයේ බෙදීමක් ඇති වී තිබෙන බවත් මේ සඳහා ඇති එකම විසඳුම වන්නේ සෑම පාසලකම විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු ක්ෂේත්‍රය, ඉංග්‍රීසි භාෂාව, ගණිතය, වෛද්‍ය විද්‍යාව, කළමනාකරණය ආදී විෂයන් ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීයව විප්ලවයක් සිදු විය යුතු බවත් පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සක්වල වැඩසටහන යටතේ පරිත්‍යාග කරන 43 වන බස්රථය හලාවත ශාන්ත මරියා විද්‍යාලයට ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

නමුත් අප රට තුළ සිදු වන්නේ දේශප්‍රේමය ගැන කයිවාරු ගැසීම පමණක් නිසා අපට පසුපස සිටි රටවල් පවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත දියුණුවක් අත්කර ගෙන ඇති බවද විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම පක්ෂයේ අරමුදල් තර කර ගැනීම කැට හොල්ලන දරු පරපුරක් ඇති කිරීමට කිසිදු අවස්ථාවක සමගි ජන බලවේගයට අවශ්‍යතාවක් නොමැති බවත් පුද්ගලික අභිමතාර්ථයන් උදෙසා තරුණයන් හිගමනේ යවන පරම්පරාවක් බිහි කිරීමට අවශ්‍ය නොවන බවත් හුස්ම සහ සක්වල වැඩසටහන් හි මූලික අරමුණ වන්නේ ද එවැනි පරම්පරාවක් බිහි වීම වළැක්වා ශ්‍රී ලංකාව ලෝකයෙන් ප්‍රථමයා බවට පත් කිරීම බවත් ඒ මහතා පැවසීය. 

එහි දී විපක්ෂ නායකතුමා කියා සිටියේ මෙරට අධ්‍යාපනය කොතරම් ගුණාත්මකභාවයෙන් ඉහළ වුවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන බහුතරයක් විරැකියාවෙන් පෙළෙන නිසා මෙම ක්‍රමවේදය වෙනස් විය යුතු බව යි.

සමගි ජන බලවේගයේ මුඛ්‍ය ප්‍රතිපත්තිය, දැක්ම සහ දර්ශනය වී ඇත්තේ ලොව පළමු තැනට ශ්‍රී ලංකාව පත් කිරීම බවත් ඒ ප්‍රතිපත්තිය තුළ මේ රටේ පුරවැසියන්ගේ නිදහස්, නිවහල් නොමිලේ සහ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අයිතිය මානව අයිතිවාසිකමක් බවට පත් කරන බවත් ගුණාත්මක භාවයෙන් ඉහළ අධ්‍යාපන රටාවක් ඇති කරන බවත් තෘප්තිමත් ගුරු සේවාවක් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් සේවා නිර්මාණය කරමින් රටේ දූදරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම බංකොලොත්භාවයට පත් වූ අපේ රට නුදුරු අනාගතයේ දී ශක්තිමත් හැම අතින්ම පරිපූර්ණ දේශයක් බවට නිර්මාණය කරන බවද පැවසීය. මේ වන විට අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක පවතින බවත් පන්ති කාමරයේ අධ්‍යාපනයේ සහ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අධ්‍යාපනයේ සුවිශාල වෙනසක් සිදු විය යුතු බවත් නව අභියෝග, ප්‍රවණතාවලට මුහුණ දී දැනුමින් සන්නද්ධ පුරවැසියන් පිරිසක් බිහි කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 21 වැනි සියවසේ 3 වැනි දශකය වන විට ලෝකයේ ඉතා වේගයෙන් ඉහළ යන නිසා එම නූතන තාක්ෂණ පැතිකඩ තුළින් රටක් ලෙස අප දියුණු විය යුතු බවත් පැවසීය.

එසේම තනතුරු තාන්න මාන්න අපේක්ෂාවෙන් හොරු සමග කිසිදු විටෙක ඩීල් ගැසීමට සමගි ජන බලවේගය සූදානම් නොමැති බවත් එවැනි තනතුරුවලට වඩා ප්‍රතිපත්ති මූලිකව කටයුතු කරන බවත් ජනතාව පවා ඒ සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් පවතින නිසා තම ගැටලු විසදා දෙන ලෙස ප්‍රථම වරට විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ඉල්ලීම්වලට කෙසේ හෝ විසදුම් ලබා දීමට විපක්ෂයක් ලෙස තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.