― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalසුදු මැස්සා එලවන්න ජනාධිපති ලේකම් මැදිහත් වෙයි

සුදු මැස්සා එලවන්න ජනාධිපති ලේකම් මැදිහත් වෙයි

පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල සීග්‍රයෙන් ව්‍යාප්ත වන “සුදු මැස්සා” (Whitefly) කෘමි උවදුර මර්දනය තිරසරව කළමනාකරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම කෘමි උවදුර පිළිබඳ පොල් වගා කරුවන් දැනුවත් කිරීම සඳහා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් පොල් පර්යේෂණ ආයතනය ඇතුළු වගකිවයුතු ආයතන විසින් මේ වන විටත් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙන අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ කාළගුණික වෙනස්කම්, නීත්‍යානුකූල නොවන මාර්ගවලින් ගෙන ආ පොල් පැළ වගා කිරීම සහ ස්වභාවික පරපෝෂිතයන් එකවර අඩුවී යාම වැනි හේතු මෙම කෘමි උවදුර ව්‍යාප්තවීමට බලපා ඇති බවත්, කොළඹ, ගම්පහ, කෑගල්ල, කළුතර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පොල් වගාකරුවන් මේ වන විට මෙම කෘමි උවදුරේ බලපෑමට ලක්ව සිටින බවය.

මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා අදාළ ආයතන මගින් ගෙන ඇති පියවර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරීන්ගේ හිඟය ප්‍රධාන ගැටලුවක් වී ඇති බව මෙහිදී සඳහන් කෙරුණු අතර, ඊට විසඳුමක් ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ග්‍රාමීය නිලධාරින් දක්වා සියලු දෙනා මීට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන්නේය.

එසේම “සුදු මැස්සා” කෘමි උවදුරෙන් හානි වූ වගාවන් පිළිබඳ නිවැරදි තොරතුරු රැස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා කෘමි උවදුර මර්දනය කිරීම සඳහා මෙම විෂය සම්බන්ධ කටයුතු කරන විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට ද උපදෙස් දුන්නේය.