― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගිරාපෝතක ක්‍රමය අසාර්ථකයි - අධ්‍යාපනයේ විප්ලවයක් කළ යුතුයි

ගිරාපෝතක ක්‍රමය අසාර්ථකයි – අධ්‍යාපනයේ විප්ලවයක් කළ යුතුයි

මේ වන විට අප රටේ අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත කඩාවැටීමක් සිදුව ඇති බවත් එවැනි අධ්‍යාපන ක්‍රමයකින් ලොව දිනිය නොහැකි බවත් නව ලොවක් කරා යන ගමනේදී ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීමට නම් ඩිජිටල්, පරිගණක හා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන විප්ලවයක් ක්‍රියාත්මක විය යුතු බවත් සෑම පාසලකම දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ලෝකයේ ඉහළම මට්ටමට ගෙන ආ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) තෝපාවැව ජාතික පාසැලට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඉංග්‍රීසි භාෂාව හසල ලෙස භාවිත කිරීමේ හැකියාව පුළුල් කළ යුතු යැයි පැවසූ විට ලිංමැඩි සංකල්පයේ සිටින සුළු පිරිසක් හිනාවෙන බව කී විපක්ෂ නායකවරයා කියා සියියේ අලුත් දෙයක් ඉගෙන ගැනීම නවීකරණය කරා යන රටකට වැදගත් සංකල්පයක් බවත් මේ කතා නිසා සමහර පාර්ශ්වයන්ගේ ඡන්ද අහිමි විය හැකි වුවත් මේ තුළින් අප රටේ අධ්‍යාපන ක්‍රමයේ සුවිශේෂී වෙනසක් සිදු වන නිසා එම ඡන්ද අහිමි වුණාට ඒ ගැන තැකීමක් නොකරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ගිරා පෝතක ක්‍රමයෙන් ඉවත්ව ප්‍රශ්නවලට විසදුම් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් දේශප්‍රේමය යැයි පවසා එවැනි අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට විරුද්ධ වීම අප රට තවත් බංකොලොත් කිරීමක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ පරිගණක, තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන බව යි.

ආණ්ඩුවට හිතවාදී 12 දෙනකු විසින් ඇමතිකම් ගැනීමට කෙළ හලමින් සිටින බවත් ඔවුන් එසේ ඇමතිකම් ගන්නේ ලක්ෂ 220ට සෙතක් කිරීමට නොව තමන්ගේ පවුලට හිතවත් පුද්ගලයන්ට තනතුරු තාන්න මාන්න ලබා දීමට බවත් මේ තත්ත්වය පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය වෙනස් කර ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බස් රථ නොමැති රජයේ පාසල්වලට විපක්ෂයේ සිට රජයේ ප්‍රතිපාදන නොමැතිව විවිධ පාර්ශ්වයන්ගේ අභූත චෝදනා අසා බස් ලබා දීම සිදු කරන බව යි. එසේ පවසන කිසිදු දෙයකට තමා ඇතුළු විපක්ෂය නොසැලෙන බවත් ඔවුන් බනින්නේ අදාළ වැඩේ පිරිසුදුව, අවංකව, විනිවිධභාවයෙන් යුක්තව ගමට නගරයට රටට සෙතක් සැලසෙන නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ අධ්‍යාපනය සැමට එක හා සමාන විය යුතු බවට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පවා සිතූ බවත් එදා තිබූ අධ්‍යාපන බෙදීම තුරන් කර නිල ඇදුම් ලබා දීම සිදු කළ බවත් ඊට අමතරව පාසල් සිසුන්ගේ නිසි පෝෂණය වෙනුවෙන් නොමිලේ ආහාර වැඩසටහනක් පවා ක්‍රියාත්මක කළ බව ුවිපක්ෂ නායකවරයා කියා සිටියේය.

පාසලට බස් රථයක් ලබා දීම නිදහස් අධ්‍යාපනයේ ආයෝජනයක් බවත් කොළඹ පාසල්වලට මෙන්ම දුෂ්කර පළාත්වලට ද බස් රථ ලබා දීම තුළින් අධ්‍යාපන බෙදීම නැති කරන බවත් නිදහස් අධ්‍යාපන සංකල්පය ශක්තිමත් කර එහි දෙවැනි විප්ලවය මෙමඟින් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.