32.2 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherඅඩු පීඩන කලාපයේ බලපෑම අඩුවන බවට ලකුණු

අඩු පීඩන කලාපයේ බලපෑම අඩුවන බවට ලකුණු

දිවයිනට බටහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමයෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අද (26) පස්වරුවේ සිට දිවයිනට අවට මුහුදු ප්‍රදේශවලට එහි බලපෑම අඩුවෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම හෙට (27) උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.