කහටරුප්ප බදුල්ල මාර්ගයේ අම්පිටිය ප්‍රදේශයේදී කහටරුප්ප දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ බස් රථයක් ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත .
අනතුරින් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්කළ දැරියන් තිදෙනෙකු තුවාල ලබා කැන්දගොල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී බරපතල තත්වයේ සිටි දැරියක් බදුල්ල රෝහල වෙත මාරු කර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත .
මියගිය දැරිය වයස අවුරුදු 07 ක් වන මුතුමාල , කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි .
මෘත ශරීරය බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ . කහටරුප්ප පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .