30 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocal07 හැවිරිදි දැරියකට දිවි අහිමිකළ මාරක රිය අනතුර

07 හැවිරිදි දැරියකට දිවි අහිමිකළ මාරක රිය අනතුර

කහටරුප්ප බදුල්ල මාර්ගයේ අම්පිටිය ප්‍රදේශයේදී කහටරුප්ප දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ බස් රථයක් ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත .

අනතුරින් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්කළ දැරියන් තිදෙනෙකු තුවාල ලබා කැන්දගොල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී බරපතල තත්වයේ සිටි දැරියක් බදුල්ල රෝහල වෙත මාරු කර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත .

මියගිය දැරිය වයස අවුරුදු 07 ක් වන මුතුමාල , කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි .

මෘත ශරීරය බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ . කහටරුප්ප පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .