ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගැනීම හා ආසන සංවිධායකවරුන් පත් කර ගැනීම සඳහා අයදුම්පත්ර බාර ගැනීමෙි සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී හෙට (4) සිදු කෙරෙන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩල හයක් ඉදිරියේ මෙම සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට සූදානම් කර තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.