― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනතාව ඉල්ලූ දේ දැන් ලැබෙමින් පවතිනවා

ජනතාව ඉල්ලූ දේ දැන් ලැබෙමින් පවතිනවා

ජනතාව ඉල්ලා සිටි දේ දැන් ජනතාවට ලැබෙමින් පවතින බවත් පක්ෂයක් ලෙස තමා නිතරම සිටියේ ජනතාව මත වැඩිවීම් පටවන්නේ නැතිව ජනතාවට ශක්තිය දී නැගිටින්නට ඉඩ සලසා දීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

පක්ෂයක් ලෙස අපි හිටියේ ඉන්ධන හෝ විදුලි බිල් වැඩි කරලා ජනතාව මත බරක් පැටවීම සුදුසු නෑ කියන මතයේ. හිටපු බලශක්ති ඇමතිවරයා ඉන්ධන බිල වැඩිකරපු අවස්ථාවේදීත් අපි පක්ෂයක් ලෙස එයට විරෝධය පෑවා. අපි හැම තිස්සෙම හිටියේ වැඩිවීම් ජනතාව මත පටවන්නේ නැතිව ජනතාවට ශක්තිය දීලා නැගිටින්නට ජනතාවට අවස්ථාව දීලා යම්කිසි ආකාරය ප්‍රතිලාභ ලබා ගත යුත්තේ කියන කාරණාවේ.

හැබැයි අපි ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධව මෙ රටේ තරුණ ජනතාව කැරළි ගහලා, පාරවල්වලට බැහැලා හිටපු ජනපතිතුමාවත් ගෙදර යවලා අලුත් පාලන ක්‍රමයක් ඉල්ලුවා. අපි බදු අඩුකළාම බදු අඩු කිරීම වැරදියි කිව්වා. ඉන්ධන ගාස්තු වැඩි නොකළාම විදුලි බිල් වැඩි නොකළාම ඒක වැරදියි කිව්වා. දැන් ජනතාව ඉල්ල සිටින දේ ජනතාවට ලැබෙමින් තිබෙනවා. මේක තයමි ජනතාව ඉල්ලූ දේ. නමුත් පක්ෂයක් ලෙස අපේ ප්‍රතිපත්තිය වුණේ මේක නෙමෙයි.