තමාගේ හැකියාව සහ සම්බන්ධතා පාවිච්චි කර රටට ඩොලර් ගෙන ඒම තමාගේ නව වසරේ එකම බලාපොරොත්තුව බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පැවසුවාය.
ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) පැවති වැඩසටහනකට එක්වෙමිනි.
“සමහරු මාව විවේචනය කරනවා ප්‍රශ්න දානවා. දොස් කියනවා. හැබැයි මේක කරන්නේ ටික දෙනෙක්. මම ඒවායින් පන්නරයක් ලබල ජනතාවට තවදුරටත් සේවය කරන්න බලාපොරොත්තු වෙනවා.”