― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනැවත රට විනාශ කරන්න දෙන්නේ නැහැ

නැවත රට විනාශ කරන්න දෙන්නේ නැහැ

ජනාධිපතිවරයා විසින් රට යථා තත්ත්වයට පත් කරගෙන යන අවස්ථාවේදී එකිනෙකාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නැවත රට විනාශ කිරීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

රටේ තරුණ තරුණියන් ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක ක්‍රියාත්මක කිරීමට ජනපති එකඟ වී ඇතත් විපක්ෂය ඊට පරිබාහිරව යමින් තවමත් පරණ වැඩපිළිවෙලේ සිටම කටයුතු කරමින් සිටින බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂය කියන පරිදි අති විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගසා මේ මොහොතේ ඡන්දයක් පැවැත්වුවහොත් ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇති බවයි.